about

Monday, June 3, 2013

Posted: 25 May 2013 05:07 AM PDT
 Gain more Direct Referrals

කාලෙකට පස්සෙ තමයි ආයෙත් ඩිරෙක්ට් රෙෆරල්ස්ලා වැඩිකරගන්න හැටි ගැන කියල දෙන්න පුලුවන් වුනේ. ඔය ගොල්ලො දන්නවනෙ ඉතින්  ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඕන වෙන්නෙ මොන වගේ සයිට් ව්ලටද කියලා. ඉතින් මෙ පෝස්ට් එක ඔයගොල්ලන්ගෙ PTC, Survey sites වගේ එවාට ගොඩක් වැදගත් වෙයි.
                    මේකෙදි මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ  Downline Refs කියන සයිට් එක ගැන.
මේ සයිට් එක ඔයගොල්ලන්ගෙ PTC, Survey සයිට්ස් වල රෙෆරල්ස්ලා ගාන වැඩි කරගන්න යොදාගන්නෙ කොහොමද කියලා. ඊට කලින් ඔයගොල්ලො මේ පල්ලෙහා තියෙන සයිට් වල රෙජිස්ට වෙලා නැත්නම් බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.

  • Neobux



  • Clixsense



  • Wordlinx

  • WordLinx - Get Paid To Click

උඩ තිබ්බෙ  PTC සයිට්ස් තුනක් දැන් මම පෙන්නන්නෙ Survey සයිට් එකක්. කැමතිනම් ඒකෙත් රෙජිස්ට වෙලා ඒකටත් රෙෆෙරල්ස්ලා ඇඩ් කරගන්න.

  • Cashcrate

  • Get Paid To Do Free Offers!

                           හරි දැන් ඔයගොල්ලො සයිට් කිහිපයක රෙජිස්ට වුනානෙ, ඒ සයිට් වලදි සල්ලි හොයන කොට ඩිරෙක්ට් රෙෆරල්ස්ලා කියන්නෙ ප්‍රදාන සාදකයක්. ඒ නිසා දැන් මම කියලා දෙන්නම් Downline Refs පාවිච්චි කරලා කොහොමද උඩ තියෙන සයිට් වල රෙෆෙරල්ස්ලා වැඩි කරගන්නෙ කියලා.

                           මුලින්ම ඒ සයිට් එකේ රෙජිස්ට වෙන්න කලින් ඒකේ ක්‍රියා පටිපාටිය ගැන කියල දෙන්නම්, ඊට පස්සෙ පුලුවන් රෙජිස්ට වෙන්න. Downline Refs site එකේදි මූලිකවම වෙන්නෙ, අපි වගේ ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඕන කට්ටිය සල්ලි වලට ඔෆර්ස් පෙඔස්ට් කරනවා. ඒකෙදි සල්ලි වලට අපිට හම්බෙන්නෙ ක්‍රෙඩිට්ස්, ඒ වා එකතු කරගෙන අපිට පුලුවන් ඔෆර් එකක් දාල කියන්න මන් යටතෙ රෙෆෙරල් කෙනෙක් වුනොත් ( ඔයා කැමති සයිට් එහෙක ) එක්කෙනෙකුට මෙච්චර ක්‍රෙඩිට්ස් ගානක් හම්බෙනවා කියලා. සමහරු ක්‍රෙඩිට්ස් සල්ලි දීල අරන් ඔෆර්ස් දානවා, මමනම් වෙන අයගේ ඔෆර්ස් කරලා ඒ හම්බෙන ක්‍රෙඩිට්ස් වලින් ඔෆර්ස් දානවා.ඔයගොල්ලො හිතයි මේක මිනි ජොබ් සයිට් එකක් වගේ කියලා, ඒත් එහෙම නෑ මොකද මෙක හරියට කරොත් දවසට ඩිරෙක්ට් රෙෆරල්ස් 40+ ගනක් ඔයාගෙ අකවුන්ට් එකට ගලාගෙන එයි. සාමාන්‍යෙන් කට්ටිය ඔෆර්ස් දාන්නෙ ඒගොල්ලො කියන සයිට් එකේ රෙජිස්ට වෙලා ඩවස් 10ක් 20ක් විතර  ඇඩ් ක්ලික් කරන්න හරි, ඒ සයිට් එක විසිට් කරන්න හරි මොකක් හරි පොඩි දෙයක්. මේකෙ තව හොද දෙයක් තියෙන්නෙ සල්ලි දීල ක්‍රෙඩිට්ස් ගන්න අය ඔෆර්ස් දානකොට ඒ අය අතර තරගයක් තියෙනවා. ඉතින් හැමෝම බලන්නෙ අපිට අනිත් අයට වඩා වඩි ගානක් ගෙවලා වැඩේ ක්‍රගන්න. ඒ නිසා අපිටත් ලාබයි.


Downline Refs Offers
                 
                 අනික මේ Downline Refs සයිට් එකෙත් රෙෆරල් ප්‍රොග්‍රැම් එකක් තියෙනවා. ඉතින් අපේ යාලුවොන්ට එහෙම අපි යටතෙ රෙජිස්ට වෙන්න කියලා ඒගොල්ලො වැඩ කරනකොට අපිටත් බෝනස් එකක් හම්බ කරගන්න පුලුවන් 10% වෙනකම් ලෙවල්ස් 5කටම ගෙවනවා කියන්නෙ නියම දන නිදානයක්.


ඕක තමයි මේ සයිට් එක ගැන දැනගන්න ඕන බේසික් එක. ඉතින් මේ විස්තරෙත් තෙක්ක දැන් ඉත්න් ඔයගොල්ලො තීරනය කරන්න මේ සයිට් එකත් තෙක්ක වැඩ කරන්න හිතනවද කියලා. හිතනවනම් පල්ලෙහ තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.




ඔන්න, ටිකක් දිග පෝස්ට් එක වුනතඩන්ගු දේ වැදගත් කියල මම හිතපු නිසයි දිගට දිගට පැහැදිලි කරලා දුන්නෙ. තව හොද පෝස්ට් එකක් ඊලගට ලියන්න බාලාපොරොත්තුවෙනවා, ඒ මම දැනට කියල දීපු දෙයක් ගැන නම් නෙමේ. කොහොම උනත් හොයගොල්ලො හිත්නවනම් මම මේ ලියන ලිපි ඔයගොල්ලන්ට උදව්වක් උනා කියල ඒක අහන්න සතුටුයි, ඒවගේම තමයි ඔයගොල්ලොන්ට හැකියාවක් තියෙනවනම් මේ සයිට් එකට පොඩි මුදලක් හරි කමක්නෑ පරිත්යගයක් කරන්න පුලුවන්. ඒක සයිට් එක ඉදිරියට තවත් හොදට පවත්වාගෙනයන්න මගේඅ පාටකයන්ගෙන් ලැබෙන රුකුලක් කිඅයලා මම සිතනවා. අයේත් මම ලියනකම් බලාගෙන ඉන්නැතුව කියල දීපු ක්‍රම අත්හදාබලන්න.

Friday, May 31, 2013

unday, April 29, 2012

කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ :D best way to attract a women :-)

හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. අමුතු දෙයක් කිව්වෙ සාමාණ්‍යයෙන් මේ බ්ලොග් එකේ ලියවෙන දේවල්වලට වඩා වෙනස්දෙයක් අද ලියන නිසා. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් ව‍ර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ ‍වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :P

ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.

ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙ‍රෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..

මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.

01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)

අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O

ඉතින් මේ මානව ‍ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..

බලන්නකෝ ඔය පහතින් තියෙන වී‍ඩියෝවත්..


මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..http://www.luvessentials.com/

Tuesday, May 28, 2013

http://www.probux.com/?r=solo1279
නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද?හැබැයි මේකට ටිකක් විතර කට්ට කන්න වෙනවා.වැඩේ අහුඋනාම පට්ට ලේසියි.මාසෙට බර ගානක් හොයන්න පුළුවන්.

පියවර 1.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් firefox වලට එන greasemonkey addon එක install කරගන්න.

https://addons.mozilla.org/en-US/fir.../greasemonkey/

ලින්ක් එකට ගියාට පස්සේ පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ Add to firefox button එක ක්ලික් කරන්න.






පියවර 2.

greasemonkey addon එකත් එක්කම මේ වැඩේට අපිට තව ඕනි වෙනවා user script එකක්.
ඒක මේ පහල තියන ලින්ක් එකෙන් බාගන්න.


http://userscripts.org/scripts/show/154256

මේ ලින්ක් එකට ගියාට පස්සේ පහලින් රූපේ පෙන්නලා තියනවා වගේ Install button එකක් පෙන්නයි.එතනින් මේ user script එක install කරගන්න.






පියවර 3.

හරි.දැන් තියෙන්නේ probux site එකේ රෙජිස්ටර් වෙන්න.
එකට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කොරන්න

මේ ලින්ක් එකේ පොඩි විශේෂත්වයක් තියනවා.එක ගැන පස්සේ කියන්නම්.http://www.probux.com/?r=solo1279                                                                                                      


පියවර 4.

පහල රූපෙන් පෙන්නලා තියනවා වගේ form එකක් පෙන්නයි.එකේ ඔයාගේ ඔය අහලා තියන තොරතුරු ටික දාල පුරවන්න.ඔය කළු පාටින් පාට කරලා තියන referrer කියන කොටුව හිස්ව තියන්න.ඒක ගැන අන්තිමට කියන්නම්.සේරම තොරතුරු පුරවලා ඉවර උනාට පස්සේ create my account කියන button එක ක්ලික් කරන්න.






පියවර 5.






create my account button එකා ක්ලික් කලාට පස්සේ ඔය භාවිතා කරපු email එකට එයාල මේල් එකක් එවයි.ඒ මේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔය අන්තිම රූපෙන් පෙන්නලා තියනවා වගේ ඔයාගේ account එකට එයි.ඔය රතු පාටින් රවුම් කරලා තියන view ads කොටසෙන් තමයි ads බලන්න සහ ක්ලික් කරන්න තියෙන්නේ.ads ක්ලික් කරන වැඩේ නිකන්ම සිද්ද වෙනවා අපි ඇර මුලින් install කරපු grease monkey addon එකෙන්.ඔයාට තියෙන්නේ ඔය film එකක් බලන ගමන් game එකක් ගහන ගමන් probux account එකේ login වෙලා view ads ටැබ් එකට ගිහින් firefox වින්ඩෝ එකා ඕපන් කරලා තියන්න විතරයි.add ටික නිකන්ම ක්ලික් වෙලා account එකට සල්ලි නිකන්ම එකතු වෙයි.                                                                                         අර පියවර 3 දුන්න ලින්ක් එක සහ පියවර 4 තිබුන referrer කොටුව ගැන පස්සේ කියන්නම් කිව්වනේ.එකේ කතන්දරේ මෙහෙමයි.





ඔයාලගේ account එකට ගියාට පස්සේ මෙන්න මේ රූපෙන් වගේ තමා පෙන්නන්නේ.ඔය රතු පාටින් රවුම් කරලා තියෙන
referrer ලින්ක් එක තියනවනේ.මම ඕගොල්ලන්ට මේ සයිට් එකගැන කියන්න මගේ
referrer ලින්ක් එක යොදාගත්තා.ඒ වගේ ඔයාලත් මේ සයිට් එක ගැන කාට හරි කියනවනම් ඔයාලගේ
referrer ලින්ක් එක යොදාගන්න.එතකොට එයාල සල්ලි හොයද්දි bonus එකක් ඔයාලටත් එකතු වෙනවා.

Sunday, May 26, 2013

අන්තිම සටන පටන් ගත්තේ දාහත්වැනිදා රෑ දෙක හමාරටයි,ඒ සටන සම්පූර්ණයෙන්ම මම මෙහෙයැව්වා. - හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා

ත‍්‍රස්තවාදය නිමකර වසර 4යි...........

2013 මැයි මස 19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය.

තිස් වසරක යුද්ධය තුන් වසරක වික‍්‍රමාන්විත මෙහෙයුමකින් ජයගෙන සිව්වසරකි. යුද්ධයේ ආරම්භයේ සිට වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දරින් ප‍්‍රභාකරන්ගේ මළ සිරුර හමුවූ අවස්ථාව දක්වා සටනේ උණුහුම්ම මතකයන් අවදි කරන්නැයි අපි එවකට යුද හමුදාපතිව සිටි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළෙමු. මේ ඒ මහතාගේ මතක සටහනය.

ප‍්‍රශ්නය - මේ රටේ තිස් අවුරුද්දක් පුරා යුද්ධය තිබුණා. මම ඔබෙන් පළමුව දැනගන්න කැමතියි.. ඇයි ඒ තිස් වසර පුරාවට යුද්ධය ජයගන්න බැරිවුණේ?

පිළිතුර - හිටපු රාජ්‍ය නායකයන් හැමෝටම උපරිම වුවමනාව තිබුණා. ඒ අය හමුදාවට නියෝග දුන්නා. ඒ නියෝග දීම රාජ්‍ය නායකයන්ට විතරයි කරන්න පුළුවන්. යුද්ධයට අවශ්‍ය උපකරණත් ඒ අය අරන් දුන්නා. වැඩියෙන්ම අවි ආයුධ අරගෙන දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. මල්ටි බැරල්, මිග් ප‍්‍රහාරක යානා, කෆීර්, ඩෝරා ඔය ඔක්කොම චන්ද්‍රිකා මැතිනියගේ කාලේ අරන් දීපුවා.

නමුත් හමුදාවේ තිබුණ සැලසුම් හුඟාක් අසාර්ථක වුණා. ඒ සැලසුම් ප‍්‍රායෝගික වුණේ නෑ. සීමිත සැලසුම් තමයි තිබුණේ. එකපාරක් යාපනය අල්ලනවා. තව පාරක් වඩමාරච්චිය අල්ලනවා. මුළු යුද්ධයම ඉවර කරන්න සැලසුමක් කොහේවත් තිබුණේ නෑ. එක්කෝ ඒ - 9 පාර අරින්න කියලා උත්සාහ කරනවා. යුද්ධය ඉවර කිරීමේ සැලැස්මක් කවදාවත් තිබුණේ නෑ. ඒ නිසා ඒ අතරේ ත‍්‍රස්තවාදීන් වැඩි වුණා.

ඊට අමතරව ඔය එක එක ක‍්‍රියාන්විතයන් බාරව හිටපු අයටත් යුද්ධයේ ප‍්‍රායෝගික අත්දැකීම් තිබුණේ නෑ. මට ඒ කාලේ ඉඳලම යුද්ධයත් එක්ක ඉඳලා අත්දැකීම් තිබුණා. ප‍්‍රභාකරන්ට තිබුණ වාසි අවාසි, කළ හැකි දේ කළ නොහැකි දේ පිළිබඳ අවබෝධයක් මට තිබුණා. ඒ නිසා සමූලඝාතනයට මට සැලැස්මක් හදන්න පුළුවන් වුණා.

ප‍්‍රශ්නය - බොහෝ යුද සැලසුම් විවිධ බලපෑම් මත හකුලා ගන්න සිදුවුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔබ එහෙම දෙයක් ගැන හිතන්නේ නැද්ද?
පිළිතුර - ඒක සම්පූර්ණ බොරුවක් කියලයි මම හිතන්නේ. රාජ්‍ය නායකයෝ නියෝග දුන්නා හැම වෙලේම. හමුදා පසුබැසීම් තමයි ප‍්‍රධානම හේතුව වුණේ.

ප‍්‍රශ්නය - එතකොට වඩමාරච්චි සටන?
පිළිතුර - ඒ වඩමාරච්චි යුද්ධය දිගටම කරගෙන ගියා නම් ප‍්‍රභාකරන් ඉවර වෙනවා කියන කතාව අමූලික බොරුවක්. ඒක මම බය නැතිව කියනවා. වඩමාරච්චිය කියන්නේ බොහොම පොඩි ක‍්‍රියාන්විතයක්. ඒ වගේ ක‍්‍රියාන්විත මම කරපු අවුරුදු දෙකයි මාස නවයයි තුළ දිනපතාම දවසට තුන් පාරක් විතර අපි කළා. තේරුණාද? වඩමාරච්චිය කියන්නේ බැටෑලියන් හතරකින් කරපු සටනක්. සෙබළුන් දෙදාහයි. මගේ සටන තුළ සෙබළුන් පහළොස් දාහක් විතර හැමදාම සටනේ හිටියා. අවි ආයුධ ගත්තත් ඒ කාලේ කොටි සංවිධානයට මෝටාර් එකක්වත් තිබ්බේ නෑ. බිම් බෝම්බ ටිකක් දාන එක විතරයි ඒ කාලේ කළේ. ඒ කාලේ තමයි වඩමාරච්චි සටන කළේ.
වඩමාරච්චිය කියන්නේ විශාල ප‍්‍රදේශයක්. කිලෝමීටර් හතළිහක් විතර දිග කිලෝමීටර් විසිපහක් විතර පළල ප‍්‍රදේශයක්. ඒක වටකරන්න ගියා බළඇණි හතරකින්. ඒක සාර්ථකව කරන්න බැරි වැඩක්. ඒ වගේ ප‍්‍රදේශයක ත‍්‍රස්තවාදීන් ඉන්නවා නම් ඒ වගේ බැටෑලියන් හතරකින් ඒක කරන්න බෑ. අලි රංචුවකට වුණත් පැනලා යන්න පුළුවන්. අනිත් කාරණය තමයි ප‍්‍රභාකරන් වඩමාරච්චියේ හිටියෙත් නෑ. ඒ කාලේ යුද හමුදාවට යාපනය පැත්තට යන්න හිතන්නවත් බෑ. පලාලි කඳවුරෙන් නැගෙනහිර පැත්තට ගිහින් තමයි වඩමාරච්චියට ගියේ. පලාලි කඳවුරෙන් දකුණට එන්න ඕනෑ යාපනයට යන්නනම්. දකුණට යන්න ඒ කාලේ හිතන්නවත් බෑ. ප‍්‍රභාකරන් හිටියේ යාපනය පැත්තේ. ඒක හිතන්නවත් බැරි හින්දා ඒක සැලසුම් කරපු අප වඩමාරච්චියට ගියා. එහෙම යනකොට විශාල ප‍්‍රසිද්ධියක් දුන්නා. නමුත් පළමු වැනි විනාඩි තිහේදී විතර බිම්බෝම්බ අතුරපු තැනකින් යන්න ගිහින් තොන්ඩමනාරු කළපුව ළඟ අපේ සෙබළුන් තිහක් විතර මැරුණා. ඊට පස්සේ සටනක් තිබුණේ නෑ. වඩමාරච්චිය දිහාට හමුදාව නිකම් ඇවිදගෙන ගියා විතරයි. එහෙම නැතිව ඒක නතර කළේ ඉන්දියාව කියලා කිව්වට ඒවා බොරු කතා. වඩමාරච්චි සටනෙන් පස්සේ යම් යම් චෝදනා ආවා. ජනතාවට හිරිහැර වුණා කියලා. ඒ චෝදනා පිට තමයි ඉන්දියාව උඩින් ඇවිත් පරිප්පු දාන්න පටන් ගත්තේ. නමුත් ප‍්‍රභාකරන් බේරාගන්න පරිප්පු දැම්මේ නෑ. ඒක අමූලික බොරුවක්. මම ඕනෑම තැනක ඒ කතාව කියනවා.

ප‍්‍රශ්නය - තත්ත්වය ඒකනම් කොහොමද අවුරුදු තුනකින් යුද්ධය දිනුවේ?
පිළිතුර - මම මුලින් කිව්වා වගේම මේ යුද්දේ ආරම්භයේ ඉඳලා මමත් හැම මට්ටමකින්ම හිටියා. පළමුවැනියෙන්ම සෙබළකුට වෙඩි තියනකොටත් 1981 දී මම යාපනය රාජකාරි භාර නිලධාරියා එදා. දොරෙඅප්පට වෙඩි තියනකොට මාදගල් කියන හරියෙදි තමයි වෙඩි තිබ්බේ. ඒ වෙනකොට ඒ ප‍්‍රදේශය භාර ලූතිනන් මම. 1983 ජූලි 23 වැනිදා අපේ සෙබළු 13 ක් මැරුවේ. ඒක වෙන්න කලින් දවසේ එතැනින් ඒ වෙලාවටම පෙට්‍රෝල් එක ගියේ මම. ඊට පහුවදා තමයි සිංහ රෙජිමේන්තුවේ අපි පාබල හමුදාවේ වෙනත් බළඇණියකට ඒ ප‍්‍රදේශය භාර දුන්නේ. ඒ බළ ඇණියේ පළමු මුර සංචාරයට තමයි කොටි ගැහුවේ. ඔය විදියට යුද්දේ හැම ක‍්‍රියාන්විතයේම මම ඉඳලා තියෙනවා. හතර පස් දෙනෙක්ගෙන් පටන් අරගෙන 1983 දී දොළොස් දෙනෙක් වෙලා ඕක වැඩෙන හැටි මම දැකලා තිබුණා. ඒ නිසා දෙපැත්තෙම වැරැදි අඩුපාඩුකම් මම දැකලා තිබුණා.

ඒ නිසා මම අලූත් සටන් සංකල්පයක් හැදුවා. ඒ අනුව තමයි සටන් කළේ. ඉස්සර අපි පාරවල් දිගේමයි සටන් කළේ. මම කරපු පළමු වෙනස්කම තමයි අපි කැලයට ඇතුළු වුණා. ත‍්‍රස්තවාදියා පාරට තල්ලූ කළා. ත‍්‍රස්තවාදියා හුරුවෙලා හිටියෙ අපි පාරවල්වල ඉන්නත් ඒ අය කැලේ ඉන්නත්. ඒ ක‍්‍රමය වෙනස් වෙච්ච ගමන් ත‍්‍රස්තවාදියා අන්දමන්ද වුණා. ඒ අය හිතුවෙත් නෑ අපි මේක අතහරින්නේ නැතිව දිගටම කරයි කියලා. නමුත් අපි එල්ලිලාම ඉඳගෙන මේක කරපු හින්දා මහ වැස්සෙ, ගංවතුරේ, කන්න බොන්න නැතිව එක දිගට සටන් කළා. ඒ වේගයටත් එල්.ටී.ටී.ඊ යට මුහුණ දෙන්න බැරි වුණා.

හොඳ වෙලාවට මට සෙබළුන් එකතු වුණා. මම හමුදාපති පදවිය භාරගන්නකොට හිටියේ සෙබළුන් එක්ලක්ෂ දහසය දාහයි. නමුත් මම භාරගත්තාට පස්සේ ලක්ෂ දෙකක් වෙනකම් තරුණයන් බැඳුණා. මම භාරගන්න කලින් අවුරුද්දටම තුන් දාහයි තරුණයෝ බැඳුණේ. මම බාරගත්තට පස්සේ මාසයකට හාරදහසක් විතර බැඳෙන්න පටන් ගත්තා. ඒක මට ලොකු හයියක් වුණා. ඕක ඇතුළේ ත‍්‍රස්තවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නෙ නැතිව අපි පහර දුන්නා. මම සැලසුම් කරපු පැති වලින්ම සටන ආරම්භ කළා. මුලින්ම නැගෙනහිර. ඔය ලොක්කන් කාටවත් විශ්වාසයක් තිබුණේ නෑ... සටන දිගටම යයි කියලා. මාවිල්ලාරුවෙන් පටන්ගන්න කොට ඒ අය හිතුවේ ඒක එතැනින් නතරවෙයි කියලා. මම ඒක ඉවරවෙන්න කිට්ටුවෙනකොට වාකරේට කොක්ක දාලා ඒ පැත්තෙන් පටන් ගත්තා. වාකරේ ඉවරවේගෙන එනකොට මඩකළපුව බටහිරට කොක්කක් දාලා ඒ පැත්තෙනුත් පටන් ගත්තා. තොප්පිගල සටන යනකොටම වව්නියාවෙන් උඩට සේනාංකයක් යැව්වා. නැගෙනහිර යනකොටම උතුරේ යුද්ධයක් පටන් ගත්තා. මම මේගොල්ලන්ට කිය කියා හිටියේ නෑ. එහෙම කිව්වානම් මේ අය අනිවාර්යයෙන්ම නවත්වනවා. තොප්පිගල සටන යනකොටම උතුරෙන් සටන පටන් ගත්තා. ඒවා එක දිගටම ගෙනිච්චා. කොටියට ඒකට මුහුණ දෙන්න බැරිවුණා.

ප‍්‍රශ්නය - ඔහොම සටන් කරනකොට ජාත්‍යන්තර බලපෑම් එහෙම ආවේ නැද්ද?
පිළිතුර - ජාත්‍යන්තර වශයෙන් අන්තිම කාලේ ආවා. අපි ඔච්චර ළඟට යයි කියලා ඒ අය හිතුවේ නෑ. කිලිනොච්චිය එහෙම අල්ලයි කියලා ජාත්‍යන්තර ප‍්‍රජාව හිතුවේ නෑ. මම 2007 මාර්තු මාසේ වව්නියාවෙන් උඩට ඒx9 එකේ වම් පැත්තෙන් සේනාංකයක් දැම්මා. 2007 සැප්තැම්බර් වෙනකොට මන්නාරමෙන් තව සේනාංකයක් දැම්මා. 2008 ජනවාරියේ තව සේනාංකයක් මම දැම්මා වැලිඔයෙන්.

ප‍්‍රශ්නය - ප‍්‍රශ්නය එතැනින් ඉවර වුණාද?
පිළිතුර - 2008 මැද වෙනකොට මල්ලාවි, තුනුකායි කියන හරියට මම යනවා. වැලිඔයෙන් එහා සේනාංකය ජූනි අග වෙනකොට වන් ෆෝ බේස් කියන හරිය අල්ලනවා කිව්වා. අවුරුද්ද අග වෙනකොට වැලිඔය පැත්තෙන් ආපු සේනාංකය මුලතිව් අල්ලනවා කිව්වා. කිලිනොච්චිය අල්ලනවා. 2008 දෙසැම්බර් වෙනකොට කියලා මම කිව්වා. ඒ කියපු විදියටම ජූනි වෙනකොට ඒ කියපු තැන් දෙකටම ගියා. 2008 අපේ‍්‍රල් වෙනකොට මඩුවලට උඩ පැත්ත ඊට පස්සේ මන්නාරමේ හා වව්නියාවේ සේනාංක දෙක මඩුවලට උඩින් එකතු කළා. එතැන ඉඳලා උඩට උතුරට යන්න පටන් ගත්තා. කියපු විදියටම ජූනි වෙනකොට තුනුකායි ඇල්ලූවා. ජූනි වෙනකොට වන් ෆෝ බේස් ඇල්ලූවා. මම කියලා තිබුණේ 2008 අග වෙනකොට කිලිනොච්චිය අල්ලනවා කියලා. 2009 ජනවාරි 2 වැනිදා කිලිනොච්චිය ඇල්ලූවා. දවස් දෙකයි පහුවුණේ. මුලතිව් අල්ලනවා කිව්වා 2008 දෙසැම්බර්වල. ඒක ඇල්ලූවේ 2009 ජනවාරි 26 දා. දවස් 26 ක් පරක්කු වුණා. වැස්ස, ගංවතුර හින්දයි ඒක පරක්කු වුණෙත්. ඒ අනුව මං කියපු විදියටම මගේ සැලැස්ම ගෙනිච්චා.

ප‍්‍රශ්නය - සිවිල් ජනතාවට සිදුවන හානිය අවම කරගන්න මොනවගේ වැඩපිළිවෙලක් ද යෙදුවේ?
පිළිතුර - ඒ ප‍්‍රශ්නය වැඩියෙන්ම බලපාන්න පටන් ගත්තේ මාර්තු මාසයේ ඉඳලයි. පුදුකුඩිඉරුප්පු අපි අල්ලන්න ඉස්සෙල්ලා සිවිල් ජනතාවට ඕනෑතරම් ඉඩකඩ තිබුණා. ඒ කාලේ සිවිල් ජනතාව කිලෝමීටර හතරක් පහක් ඈතින් හිටියේ. ඒ නිසා ප‍්‍රශ්නයක් වුණේ නෑ. ගුවන් හමුදාව යූඒවි දාලා උඩින් නිරීක්ෂණය කර කර තමයි ගැහුවේ. මාර්තු මාසය වෙනකොට පුදුකුඩිඉරුප්පු වට කරනකොට තමයි ඔය ප‍්‍රශ්නය ආවේ. ඒ වෙනකොට තමයි සිවිල් ජනතාව ළඟට යුද්දෙ යන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ මට නියෝග දෙන්න වුණා බර අවි අඩුකරන්න. ඉදිරිපෙළට හැර පිටිපස්සට බර අවි වලින් ගහන්න එපා කියලා. එහෙම තමයි වෙඩි බලය පාලනය කරලා තමයි අපි යුද්ධ කළේ. ඒ නිසා තුවාලකාරයෝ වැඩිවුණේ අපේ.

2006 ඉඳලා 2007 ජූනි වෙනකම් නැගෙනහිර අල්ලන්න ගිහින් මගේ සෙබළු මැරුණේ දෙසීයයි. ඊට පස්සේ 2007 අග වෙනකොට සෙබළු දාහක් විතර මැරිලා තිබුණා. 2008 අවුරුද්දට සෙබළු දෙදාහක් නැති වුණා. අවි බලය අඩු කරලා සටන් කරන්න ගිය නිසා 2009 මාස හතරාමාරට සෙබළුන් දෙදාහක් නැති වුණා. ඒක එහෙම වුණේ සිවිල් ජනතාව බේරාගන්න ඕනෑ නිසා. අපේ‍්‍රල් 19 වැනිදා පුදුමාතලන් කළපුව හරහා ගිහින් එල්.ටී.ටී.ඊ පස් කණ්ඩිය කඩලා සිවිල් ජනතාව එක්ලක්ෂ පහළොස් දාහක් එළියට ගත්තා. ආපසු මැයි 14 වැනිදා මුලතිව් පැත්තෙන් කළපුව හරහා ගිහින් පස් කණ්ඩිය කඩලා එතැනින් අසූපන්දාහක් විතර සිවිල් ජනතාව එළියට ගත්තා. ඒ සටන් දෙකේදීම මට හුඟාක් හානි වුණා.

ප‍්‍රශ්නය - අන්තිම සටනේ අන්තිම දවස් වෙනකොට ඔබ ලංකාවේ හිටියේ නෑ. ඒ වගේ තීරණාත්මක දින කිහිපයේදී ඔබ හදිසියේ ලංකාවෙන් ගියේ ඇයි?
පිළිතුර - ඒක චීන සංචාරයක්. විනෝද ගමනක් නොවෙයි මම ගියේ. යුද හමුදාවට යාන්ත‍්‍රික පාබල බළ සේනාවක් අපි එකතු කළා. ඒකට වාහන ගන්න චීනයත් එක්ක කතා කරලයි තිබුණේ. ඒ වාහන පරික්ෂා කරන්න ඒ අය මට එන්න කියලා තිබුණා. අලූතෙන්ම ගන්න ඒවා නිසා මීට පෙර වගේ වැරැුදි වාහන නොවෙන්න ඕනෑ නිසා මම යන්න හිටියේ. හමුදාපති කාලේ හතර පාරක් විතර මම ඔය ගමන සූදානම් කරගත්තා. ඒත් හැම වෙලේම යුද්දෙ එක එක අවස්ථා නිසා මට යන්න බැරි වුණා. අන්තිමට මැයි මාසයට ඒ ගමන යෙදිලා තිබුණා. ඒ අය දෙන වෙලාවලූත් බලන්න වෙනවා. අපිට ඕනෑ විදියටම යන්න බෑ. මැයි මාසයේ මුල් සතිය වෙනකොට සටන ඉවර වෙයි කියලා මම හිතුවා. නමුත් සිවිල් ජනතාවගේ ප‍්‍රශ්නය නිසා සටන ටිකක් ඇදිලා ගියා. මැයි 11 වැනිදා සිට 17 දක්වා ගමන දාලා තිබුනා. එතකොට ගුවන් යානා බලපත‍්‍ර අරගෙන. ඒ අයත් එහෙ හෝටල් බුක් කරලා තිබුණ නිසා ඒ වෙලාවේ ඒ ගමන අවලංගු කරන්න අමාරු වුණා. කොහොම වුණත් පුදුමාතලන් ඇල්ලූවාට පස්සේ අපේ‍්‍රල් 19 න් පස්සේ ත‍්‍රස්තවාදීන් තනිකරම පුංචි තීරයට කොටුවෙලා තිබ්බේ. කිලෝමීටර් 8 ක් විතර දිග කිලෝමීටර 2 ක් විතර පළල තීරයක් ඒක. ඒ තීරය දිගේ ගල්රෝලක් පෙරළෙනවා වගේ හමුදාව දවසින් දවස ඉදිරියට ගියා. එතකොට ඒ සටන කාටවත් නවත්වන්න විදියක් තිබුණෙත් නෑ. කොහොම වුණත් මම 17 වැනිදා රෑ 9 වෙනකොට ලංකාවට ආවා. අන්තිම සටන පටන් ගත්තේ 17 ? දෙකාමාරට. ඒ සටන 19 වැනිදා උදේ දහය මාරවෙනකම් ගියේ. ඒ සටන සම්පූර්ණයෙන්ම මම මෙහෙයැව්වා.

ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගේ මළ සිරුර හඳුනාගන්නා විට ඔබ හිටියෙ කොළඹ. ඔබ ගියේ නැද්ද ඒ මළ සිරුර බලන්න?
පිළිතුර - ඒක දකින්න මට අවශ්‍ය වුණේ නෑ. ඔය දර්ශන බලන්න යන ගතියක් මට තිබුණේ නෑ. යුද්දෙ කරනවා හැරෙන්න ත‍්‍රස්තවාදියා බලන්න යෑමේ දොළදුකක් මට තිබුණේ නෑ. ඒ මළ සිරුර අපි ප‍්‍රදර්ශනයට දැම්මෙත් නෑ. ඒක අඳුරගන්න අපි කරුණාව යැව්වා එතැනට. එයා ගිහින් අඳුර ගත්තා. ඊට පස්සෙ උපදෙස් දුන්නා ඒ මළ සිරුර ආදාහනය කිරීමට.

ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගේ පොඩි පුතාගේ ඡුායාරූපයකට අදාළව ලොකු ආන්දෝලනයක් තියෙනවා. ඔබ මොනවද ඒ ගැන කියන්නේ?
පිිළිතුර - ප‍්‍රභාකරන්ගේ බිරිඳ ගැන දුව ගැන ඔය පොඩි පුතා ගැන කිසිම හෝඩුවාවක් අපට ලැබිලා තිබුණේ නෑ. යුද්දෙ ඉවර වුණාම ලොකු පුතාගේ චාල්ස් ඇන්තනීගේ මළ සිරුර හමුවුණා. අත්අඩංගුවට ගත්තා නම් අපි දොළොස් දාහක් ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තනේ. ඒ අයව ආරක්ෂා කළානේ. එහෙම නම් ඔය කියන පොඩි ළමයටත් ආරක්ෂාව ලැබෙනවා. තමිල් චෙල්වම්ගේ බිරිඳ ප‍්‍රභාකරන්ගේ අම්මා තාත්තා අපි ආරක්‍ෂා කළානේ. මම දැක්කා පස්සේ කේ.පී කියලා තියෙනවා. ඒ කාලේ මම හිරේ හිටියේ. මැයි 14 වැනිදා ප‍්‍රභාකරන්ගේ බිරිඳ මිය ගියා කියලා. ඒ අයත් කොටි හමුදාවේ නිලධාරියෝ. බිරිඳත් බි‍්‍රගේඩියර් කෙනෙක්. දුව කර්නල් කෙනෙක්. පොඩි පුතා බාලචන්ද්‍රන් කැප්ටන් කෙනෙක්. චාල්ස් ඇන්තනී ලොකු පුතත් කර්නල් කෙනෙක්. ඉතින් මම දැක්කා කේ.පී කියලා තියෙනවා බිරිඳ මැරුණ සටන් පෙරමුණේ දී කියලා. දුවත් මැරුණ කියලා කේ.පී කියලා තිබුණා. ඔය පුතා කේ.පී. කියලා තිබුණ බෑග් එකකුත් අතේ තියාගෙන එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා කියලා. කේ.පීලා හිටියේ මේ අයව එතැනින් අයින් කරගෙන යන්න. ඔය බාලචන්ද්‍රන් පුතා ‘‘කේ.පී. අන්කල් මාව ගෙනියනවා.....කේ.පී අන්කල් එනකම් මම ඉන්නවා’’ කිය කියා ඇවිද ඇවිද හිටියා කියලා කේ.පීම කියලා තිබුණා. ඉතින් අපි දන්නෑ....කොහේට ගියා ද.....එහෙම නැත්නම් සටනේ අන්තිම දවසේ රෑත් කළපුව හරහා මේ අය පැනලා යන්න හැදුවනේ. ඒ වගේ වෙලාවකදී වෙඩි වැදිලා මැරුණද කියලා කියන්න මම දන්නේ නැහැ.

ප‍්‍රශ්නය - පොට්ටු අම්මාන්ට මොකද වුණේ රෑ පොට්ටු ගැන කිසිම ආරංචියක් ආවේ නැහැනේ ?
පිළිතුර - පොට්ටු අම්මාන්ගේ කිසිම හෝඩුවාවක් අපට ලැබුණෙ නැ. ඒත් මම දැක්කා කේ.පී කියලා තිබුණ ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන් අතර ප‍්‍රශ්නයක් තිබුණා කියලා. ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන් කළපුව හරහා ගිහින් මුලතිව් කැලයට පනින්න ගිහින් පුපුරවාගෙන මැරුණා කියලා. ඒ වගේම ප‍්‍රභාකරන් ආපහු ආවා කියලා. ඒ වගේ දෙයක් වුණා වෙන්න පුළුවන්. ප‍්‍රභාකරන්ගේ අන්තිම මොහොත දක්වා කේ.පීට සම්බන්ධතා තිබුණනේ.


ප‍්‍රශ්නය - යුද්දේ අවසන් භාගයේදී ආරක්‍ෂක මණ්ඩලයේදී ඔබ කිව්වා ‘‘ප‍්‍රභාකරන් පැනලා ගියොත් පැනලා යන්නේ මුහුදෙන්’’ කියලා. ඇයි එහෙම අදහසක් ප‍්‍රකාශ කළේ ?
පිළිතුර - අන්තිම කාලෙදී මම ඒක ජනපතිටත් කිව්වා. ඒ ආරක්‍ෂක වළලූ යොදලා තිබුණ ආකාරය මට වැටහුනේ නෑ. ඒක සාර්ථකයි කියලා. සුසෙයි ගේ පවුලත් පැනලා යන්න ගිහින් අහුවුණානේ. ඒ විදියට ගොඩක් අය ගියානේ. සමහරු ඉන්දියාවටත් ගියානේ. ඒ නිසා මේ තිබුණ ආරක්‍ෂක වළල්ලේ එහෙම පැනලා යන්න පුළුවන්කමක් තිබුණා. මං හිතන්නේ ප‍්‍රභාකරන්ට යන්න තැනක් තිබුණේ නෑ. ඒ නිසා හිටියා. ඒ නිසා එයාගෙ බලාපොරොත්තුවක් තිබුණා අන්තිම මොහොතේ හරි අර කේ.පී කිව්වා වගේ අන්තිම මොහොතේ හරි හෙලිකොප්ටරයක් හරි ඇවිත් එයාව බේරා ගනියි කියලා. ඒ නිසා හිටියා.


ප‍්‍රශ්නය - ඔබ හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පංතියේ මිතුරෙක් කියලත් කියනවා.
පිළිතුර - මට වඩා අවුරුදු දෙකක් විතර එයා පහළින් හිටියේ. මම ආනන්ද විද්‍යාලයේ ජල කී‍්‍රඩා කණ්ඩායමේ නායකයා විදියට ඉන්න කාලේ වෝටර් පෝලෝ කණ්ඩායමේ නායකයා මම. ඔහු උපනායකයා. ඔහු තමයි මගේ ගෝල් කීපර් විදියට හිටියේ. මම ජාතික කණ්ඩායම දක්වා ගියා. එයා ඒතරම් දුරට ජල ක‍්‍රීඩාව කළේ නෑ. එයා මගේ මිතුරෙක් නෙවෙයි. මට වඩා අවුරුදු දෙකක් බාලයි. මම ආශ‍්‍රය කරපු මගේ කණ්ඩායමේ සාමාජිකයෙක් විතරයි.

ප‍්‍රශ්නය - ඔබ දේශපාලනයට නාවානම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද ?
පිළිතුර - දේශපාලනයට නාවානම් රට නගන සංග‍්‍රාමයේ නොවෙයි රට කන සංග‍්‍රාමයේ කොටස්කාරයෙක් වෙන්න තිබ්බා.

 අංක විද්‍යාවෙන් හෙළි කෙරෙන ඔබේ යුගදිවි වගතුග

PDFPrintE-mail
r14-1අංක  විද්‍යාවෙන් අනාවැකි කීම පෙරදිගට වඩා බටහිර රටවල ප්‍රචලිත වූවකි. ඊට හේතුව ජීවිතයේ සැඟවුණු රහස් දැනගත හැකි මෙම ගුප්ත ශාස්ත්‍රය මුලුමනින්ම එකේ සිට නවය දක්වා වන අංක නවයට සීමාවී තිබිම විය හැකිය. විවිධ රටවල අංක විද්‍යාත්මක සිද්ධාන්ත යම් යම් තරමින් වෙනස් වුවද මෙය විද්‍යාවේ ඇරඹුම ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී පමණ ග්‍රීසියේ ඇති වූවකැයි විශ්වාස කෙරේ. කෙසේ හෝ මීට තරමක් සමාන ඉපැරණි ශාස්ත්‍ර පෙරදිග ද තිබූ බව පැහැදිලිය. මිනිස් ජීවිතයක විවිධ අංග සම්බන්ධයෙන් සේම එහි ප්‍රධානම අංගයක් වන විවාහ ජීවිතය සම්බන්ධයෙන්ද අංක විද්‍යාවට අනුව බොහෝ කරුණු අනාවරණය කරගත හැකි බවට විශ්වාසයක් තිබේ. විශේෂයෙන් අඹුසැමියන් අතර පවත්නා සහසම්බන්ධතාවය පිළිබඳව විස්තර සේම එය තහවුරු කර ගත හැකි අන්දම පිළිබඳ උපදෙස් ද අංක විද්‍යාව මගින් ලබා ගත හැකි වීම විශේෂත්වයකි. දැන් අපි ඔබේ යුග දිවිය පිළිබඳව අංක විද්‍යාත්මක විශ්‍ලේෂණයකට මුල පුරමු. මේ සඳහා ඔබගේත් ඔබේ සැමියාගේත් උපන්දිනවලින් හෙළිවන ෙදෙව අංක ගළපා ගත යුතුය. ඉතා පහසුවෙන් කර ගත හැකි මෙය සිදු කරන්නේ මෙලෙසිනි. ඔබගේ උපන් දිනය 1968 මාර්තු 22 දා යැයි සිතමු. එය ඉලක්කම් වශයෙන් දැක්වුවහොත් මෙලෙසිනි. 1968.03.22 දැන් අපි මේ සියලු සංඛ්‍යාවල ඓක්‍යය ගනිමු. 1+9+6+8+0+3+2+2 ⋆ 31 දැන් අපි ඒ සංඛ්‍යා දෙකේ ද ඓක්‍යයන් මෙලෙස සොයා ගනිමු. 3+1 ⋆ 4 ඔබේ උපන් දිනය මුල් කොට සේම ඔබේ සැමියාගේ උපන්දිනය මුල්කොටද මෙලෙසම ඔහුගේ ෙදෙව අංකය ලබා ගත හැක. ඉන්පසු ඔබගේත් සැමියාගේත් ෙදෙව අංක දෙක සැසඳීමෙන් ඉතිරිවන ශේෂය පහසුවෙන් වටහාගන්නට ඔබට පුළුවන. එවිට එම ශේෂය මගින් ඔබගේ යුගදිවිය පිළිබඳ අංක විද්‍යාත්මක විවරණයක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.
ශේෂය 01
සැමියා සාමකාමීය; බිරිඳ තරමක් කලහකාරී ගතිපැවතුම් ඇත්තියකි. නමුදු සැමියාට වඩා බිරිඳ පරාර්ථකාරීය නමුත් ඇය අයහපත් නැත. සැමියා ආගමික අංශ කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කරයි. යුග ජීවිතයේ වැඩි බරක් දැරීමට බිරිඳට සිදුවෙයි. සැමියාට සාපේක්ෂව බිරිඳ වෙතින් වැඩි යුතුකම් කොටසක් ඉටුවෙයි.
ශේෂය 2
සැමියා සහ බිරිඳ සම ගතිගුණවලින් යුතුය. නොඑසේ නම් මිතුරු මිතුරියන් මෙනි. නමුදු දරුවන් හැදීම හැරුණුකොට පවු‍ලේ දියුණුවක් හෝ ආර්ථික සංවර්ධනයක් කෙරෙහි අපේක්ෂා නොකිරීම අඩුපාඩුවකි. නමුදු මෙය මගහරවාගත හැකි අඩුවකි. ශේෂය 3 බිරිඳ නිරතුරු සැමියාගේ පිහිටාරක්ෂාව අපේක්ෂා කරන්නීය. සැමියා සමාජශීලී මුත් බිරිඳ එසේ නැත. දරුපල වැඩි ප්‍රමාණයක් හිමිය. ධන ලාභ ලැබිමේ පැහැදිලි හිමිකමක් තිබේ. සැමියා වෙත එල්ල වන කරදරවලින් ඔහු මුදා ගැනීමේ විශේෂ හැකියාවක් බිරිඳ සතුය.
ශේෂය 04
බිරිඳ සේම සැමියා ද තනිව ජීවත්වීමට උත්සාහ කරති. මෙය පවුල් ජීවිතයේ අසමගියක් වීමට මෙන්ම නොවීමටද පුළුවන. කිසියම් බාහිර දෙයක් කෙරෙහි සිත යොමු කරන සැමියා හෝ බිරිඳ එවැන්නක් කෙරෙහි තදින්ම යොමු වන තත්ත්වයක් දක්නට ලැබේ. මේ අනුව දෙදෙනා අතර සහජීවනය හීනවීමේ කිසිදු අරුමයක් නැත. නමුදු දෙදෙනාගේ චරිත ස්වභාවයන් සමවීම නිසා සාර්ථක යුග දිවියකට බාධාවක් ද නැත.
ශේෂය 05
සැමියාට වඩා අනුරාගී බිරිඳකි. එහෙත්, ඇය සැමියාට වඩා සමාජයේ යම් තැනකට පත් තැනැත්තියක ද විය හැක. ඒ කෙසේ හෝ සැමියා අසරණ බවට පත්වන සෑම විටෙකම ඔහුගේ පිහිටට ඒම ඇගේ ස්වභාවයයි. බොහෝ විට සැමියාට වඩා පෞරුෂයක් ඇය සතුවිය හැක.
ශේෂය 06
සැමියා මිතුරු ඇසුරට විනෝදයට වැඩි නැඹුරුවක් ඇත්තෙකි. නමුදු බිරිඳ ඊට ඉඳුරාම වෙනස් මුළුමනින් හුදකලා ජීවිතයකට නැඹුරු වූ තැනැත්තියකි. නමුදු ගෘහ ජීවිතය යස ඉසුරින් පිරී තිබේ. බිරිඳගේ ඉවසීම සාර්ථක යුග දිවියේ පදනම බව ද පෙනෙයි.
ශේෂය 07
සැමියා සහ බිරිඳ අතර එකිනෙකා පරයා ඉහළට ඒමේ නිහඬ යුද්ධයක් පවතී. මේ හේතුව මත නිතර මත ගැටුම් හට ගැනීමද අතිශය ස්වභාවිකය. සැමියාගේත් බිරිඳගේත් ප්‍රියතාවයන් එකි’නෙකට බොහෝ සෙයින් දුරස්තර වන බවක් පෙනෙයි. නමුදු එය යුගදිවියට බාධාවක් නොවීමට ද පුළුවන.
ශේෂය 08
මෙම ෙදෙව අංක ගැළපීමට අනුව ඇතැම් අවස්ථාවලදී සැමියා කුඩා දරුවකු මෙනි. එනිසා ඔහුගේ සියලු කටයුතු බලා ගැනීමට බිරිඳට සිදුවනු ඇත. වැඩි වෙහෙසකින් තොරව ආර්ථික සම්පත් හිමිකර ගැනීමේ හැකියාව දෙදෙනා තුළම පවතී. නමුදු දරුඵල හීනය.
ශේෂය 09

දෙදෙනාම නිහඬ ධාර්මික දිවි පවෛත් ප්‍රිය කරන්නන් අතිශයින් ගැළපෙන විවාහයකි. අනේ‍යාන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් ජීවත් වීමට අවකාශ ලැබේ. පිනැති දරුවෝ ලැබෙති. ජීවිතයේ අවසාන කාලයේ බිරිඳ හෝ සැමියා නැතිනම් දෙදෙනාම ආධ්‍යාත්මික ජීවිත ගත කිරීමේ යම් නැඹුරුවක් පවතී. දෙදෙනා තුළම ලෞකික සම්පත් කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැතිවීම විශේෂත්වයකි. ශේෂයක් නොමැතිවීම අංක විද්‍යාවෙන් පෙන්නුම් කරන යුගදිවි තොරතුරු අනුව මෙම ලක්ෂණය තුළ යුග ජීවිතය අතිශය සාර්ථක හෝ අසාර්ථක වීමේ පැහැදිලි අවකාශයක් පවතී. එමෙන්ම රූපය සහ බාහිර ලක්ෂණ අතින් දෙදෙනා දැඩිසේ සමාන වීමට හෝ විෂම වීමටද පුළුවන. මෙම ලක්ෂණය යුගදිවි සම්බන්ධ අංක විද්‍යාත්මක විවරණවලදී පැවසෙන්නේ ‘අන්‍යන්තය දක්වා විහිද යන’ යනුවෙනි.